හැබැයි පොඩි අවුලක් තියෙනවා.........
මොකක්ද? මාතෘකාව අැඳුම්....බට් තහනම් වචනයත් ඒකමයි.හරිය?
එහෙනන් අපි ඒකට වෙන නමක් දාගමු.........හරිය.මොකක් වගේ එකක් හරියයි ද? හ්ම්ම්ම් අපි දාමු පපඩම් වගේ එකක්.හික්ස්ස්ස්ස්ස්ස්.ඔන්න එහෙනන් පටන් ගත්තා.ඕකේ.
පපඩම් වනාහී මිනිසාට අවශ්‍යම දෙයකි.පපඩම් නැති උනොත් වෙන්නේ ලොවෙත් නැති වෙන්නටය.මොකෑ ඉතින් පපඩම් නැතුව බෑ නෙව.මිනිසා(කිව්වෙ අපි හරිය?)විලි වසාගන්නේ පපඩම් වලිනි.ඒ අනුව ගත් කල අපට පපඩම් විවිධ ආකාරයෙන් වර්ග කර ගෙනහැර දැක්විය හැක.අඳින විදිහ,අඳින වෙලාව සහ අඳින අවස්ථාව අනුව මෙසේ වර්ග කරන්නට අපට හැකිව තිබේ.පාසල් පපඩම්,මගුල් පපඩම්,ක්‍රීඩා පපඩම්,යට පපඩම්,ගෑනු ළමයි නාන්න අඳින දිය පපඩම් ඒ අතර වෙයි.ඔය යට පපඩම් යනු උඹලා අර යටට අඳින්නේ(උඹලා අඳිනවද මන්දා)අන්න එව්වා.හරිය?
අපේ භාෂාවෙන් කිව්වොත් යට පපඩම් වලට කියන්නේ ජොක්කු කියලාය.වෙනත් විදිහකට කිව්වොත් අපිට යට පපඩම් ජංගි කියලාද හැඳින්විය හැකි ය. අපිට පොඩි කාලෙදි ඉස්කෝලෙන් කියලා දීල තියෙන්නේ ඒවා හොඳට හෝදලා භාවිතා කරන ලෙසය.මම නන් එහෙමය.මොකද ඉතින් අපි හොඳ කොල්ලො ය.නමුත් අනිත් එවුන් ගැන් නං මට සුවර් නැත.මේවා කාට කියන්නද කියලා නොතේරෙයි මට.නමුත් දැන් දැන් මේ වටිනා පපඩම අපෙන් අෑත්වීගෙන යන බව නොරහසකි.විශේෂයෙන් කොල්ලෝ අතරින් ය.කෙල්ලෝ අතර මෙම යට පපඩම කොහොම ජනප්‍රිය වී අැත්දැයි මම නොදනිමි.නමුත් මට නං හිතෙන්නේ මෙම වටිනා පපඩම වැඩි වේගයකින් අෑත්වීගෙන යන්නේ ගෑනු ළමයින් ගෙනි.මොකද කිව්වොත් දැන් දැන් ඔවුන් අඳින පපඩම් වල පොදු සාධක කැපී යන තැනට පත්වී අැත.එවිට අන්තිමටම ඉතුරු වන්නේ යට පපඩම ය.ඉන්පසු එයද කැපී යනු අැත.මේවා රජය විසින් සොයා බැලිය යුතු ජාත්‍යන්තර ගැටලු ය.
අයියෝ අම්මා ගහයි බැට් එකෙන්.අඩෝ කරන්ට් ගියානෙ බං.දැන් මොකැයි කොරන්නේ.සේව් පාරක් දාමු.ආ හරි ආවා ආවා අන්න බලපන්කො මේව ගැන කතා කරනකොට ඔහොම තමා.හරි දැන් යමන් ආයෙ මගේ රචනාව දිහාට.......
කෙසේ වෙතත් මේ දවස් වල යට පපඩම සමාජයේ යම් කුකුසක් අැති කරවීමට ද සමත් වී අැත.ඒ යට පපඩම් නාඳින අය වෙනුවෙන් නීති ගත කර අැත් නවතම නීතිය නිසාය.දැන් ජංගි අැඳන් පාරෙ ගියෙ නැත්තන් බද්දක් කන්නටද සිදු වේ.එක අතකින් බැලූ විට රජය විසින් ගෙන අැති මේ ක්‍රියාමාර්ගය හොඳ යැයි මට සිතේ.ඒ වෙන මොකුත් නිසා නොවෙයි.ජංගියේ අනාගතය ගැන සිතා ය.
මේවා ගැන කතා කිරීමට මට නං කිසිදු ලැජ්ජාවක් නැත.මොකද මම යට පපඩම් පළඳින අයෙකු වේ.මේ රචනාව කියවන අැතැම් පුද්ගලයන් මුට ලැජ්ජා නැද්ද කියා විමසනු අැත.මට නං සිතෙන්නේ එහෙම කියන පුද්ගලයන් යට පපඩම් අඳිනවාද කියා සොයා බැලිය යුතුම අය ලෙසයි.හරිය?
තවද යට පපඩ්ම් අැඳ පාරේ ගියොත් ගල් වදිනු නිසැකය.පපඩම් කොටට අඳින්නේ විලි සංගේ නැති උන් ය. පපඩම් දිගට අඳින්නේ හැදියාවක් අැති උන් ය.නමුත් ඉතින් දිගට අැන්ඳාම අපිට කිසි ආතල් එකකුත් නැත. ගෑනු ළමයිඒ ඒ ගැනත් සිතුවොත් හොඳ යැයි මට සිතේ.
ඉතුරු හරිය ලබන සතියට.............