වෙලාව​

RSS

රෝමියෝ ජුලියට් පරාදයි මේ ආදර කතාවට​.......(තවත් එක් සත්‍ය කතාවක්......)

සැ.යු. :- මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත ය.​

                                 මේකෙ කතා නායිකාව වෙන්නෙ සඳමලි.සඳමලි පාසල් යන ඒ කිව්වෙ උසස් පෙල කරන ශිෂ්‍යාවක්.මැය පාසල් ගියේ හද්ද පිටිසර පාසලකට​.පාසල අවුල් උනාට කෙල්ල නං ඉතින් මල් හතයි. හරිය​?.....ඔන්න කොහොමහරි ඔය පැත්තෙ හිටියා තරුණ ඉලංදාරියෙක් වයස 20ක් විතර තමයි.මූ මේ කෙල්ලට මාර විදියට ආදරේ කරා.හරිය​?...ඔන්න ඉතින් මූ හැමදාම සඳමලිගේ පාසල ගාව හිටියා.හැමදාම පස්සෙන් ආවා.ඒ උනාට සඳමලි ඔය වැඩවලට එච්චරම කැමති නැති කෙල්ලෙක්.ආ අර ඉලංදාරියගෙ නම මම කිව්වෙ නෑනෙ..උගෙ නමට අපි දාමු කසුන් කියල​.ඒක හොඳයි නෙ?හොඳයි හොඳයි...

                                    සඳමලි කියන්නෙ පාසලේ නම ගිය ශිෂ්‍යාවක්.පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව උනෙත් සඳමලි.ඒ නිසා ගමේ ගොඩාක් දෙනෙක් අතර මෙයා ප්‍රසිද්ධයි.හරිය​? කොහොම උනත් මෙයා  හොඳට ඉගෙන ගත්ත කෙල්ලෙක්.ඔන්න ඉතින් මේ කසුන් කාරයා මෙයාට මැරීගෙන ලව් ලු.හැබැයි අපෙ සඳමලි නංගි ලව් නෑලු හරිය​.කසුන් කාරයත් වැඩේ අත අැරල නෑ.මූ දහ සැරයක් විතර අහලා.ඒ හැම වතාවකම මේකි බෑ කියලා.පව් නෙ?

                                      ඔන්න ඉතින් අපේ කසුන් කොලුවට කරගන්න දෙයක් නෑ.මේකි කැමැත්ත දෙන්නෙත් නෑ.මූ කල්පනා කරා දැං මොකද කරන්නෙ කියලා.හරි මරු අයිඩියා පාරක් ආවා.මූ ගියා අන්තිම සැරේටත් සඳමලි ගෙන් අහන්න​.නෑ ඒ පාරත් කලින් වගේම තමයි.හැපෑයි.දැං මොකද කරන්නෙ? මූ කිව්වා කෙල්ලට ඔයා මට කැමති නැත්තං මම කෝච්චියට පැනලා මරෙනව කියලා.මූ සීරියස් කිව්වෙ හරිය​? අම්මා ගහයි බැට් එකෙන් කෙල්ල බය උනා ලොවෙත් නැති වෙන්න.මං මේ මයිනට කැමති උනේ නැත්තං මූ මැරෙයි කියල කෙල්ල හිතුවා.කෙල්ලගෙ හිතත් ගොඩාක් උනු උනා.මෙයා මට මේ තරම් ම ආදරේද​?කෙල්ල හිතුවා. 
                                    කෙල්ල ගොඩාක් හිතුවා.අන්තිමේදි මෙයා කසුන්ට ආදරෙයි කිව්වා.ඉතින් ඊට පස්සෙ මේ දෙන්නා ගොඩාක් හොඳින් කාලය ගත කරා.මේ දෙන්නා ළමයි හතර දෙනෙක් හැදුවා.අපේ අම්මා තමා මේ දෙන්නගේ ලොකු දුව​.හික්zzzzzzzz
කොහොමද අපේ ආච්චිගෙයි සීයගෙයි ලව් ස්ටෝරි එක​?

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

19 comments:

බීටා said...

ආච්චිය් සීයයි ඔහොම නම් තෝ කොහොම ඇතිද

Lakshan Mclaren said...

පිස්සුවක් අැතෑ.......මම හොඳ කොල්ලා..........

මදුශාන් said...

හික්........ඒ කාලෙ කොච්චිය හොයාගන්න කරත්ත 4අ 5ක යන්න වෙන්නෙ ඇති නෙහ්??...මම හිතන්නෙ ආච්චි කැමති වෙන්න ඇත්තෙ ඒක හන්දා :P :P

All in one....... said...

නියමට ලියල තියනවා. End එකත් නියමයි.
ඔයාලගේ සීය කරපු trick එක සමහර කොල්ලෝ අදටත් කරනවා.

රොබින් said...

දැන් කෙල්ලෝනම් කියයි පැනපං කියලා.
කසුන් සඳා ස්ටෝරිය පස්ටයි.

කිඩෝ said...

මේක කියෙව්වාම පොඩි කතාවක් මකත්වුනා අපි සාපෙ කරන කාලෙ සර් කෙනෙක් තමයි අපට සිද්දිය කිව්වෙ.. සීන් එක මෙහෙමයි ඔය වගේම කෙල්ලයි කොල්ලයි වයස අනුව ගත්තොත් කෙල්ලට 14ක් 15ක් විතර කොල්ලට 18ක් 20ක් විතර ඔය සිද්දිය වගේම තමයි කෙල්ල හොදට ඉගනගන්න එකියක් ලු කොහොම හරි බොලෑ සීය වගේ අර කොල්ලත් කෙල්ලගෙන් හැමදාම බස් එකේදි කැමැත්ත අහනවලු හැබැයි කෙල්ල කැමතිවෙලා නෑ... පස්සෙ මූත් උබලෑ සීය වගේ ලාස්ට් ට්‍රයි එකේදි කෙල්ල කැමති නැත්තං ගගකට පයිනව කිව්වලු කොහොම හරි මේකට බයවුනු කෙල්ල අපේ සර්ට සිද්දිය කියල සර් ඉතින් කොල්ලට කට උත්තර නැතිවෙන ප්‍රශ්නයක් අහන්නයි කියල ප්‍රශ්නෙකුත් කියල මෙන්න මෙහෙමයි සර්ගෙ ප්‍රශ්නෙ

"අයියෙ මම ඔයාට කැමති නෑ ඔය වගේ පොඩි දේකටත් ගගකට පයින්න යන කොන්ද පන නැති කොල්ලෙක්ට මම කොහෙත්ම කැමති නෑ. ඔය වගේ කොන්ද පන නැති එකෙක් එක්ක පවුල්කන්න පුලුවන්ද මොකක් හරි ප්‍රශනයක් වුන ගමන් ගගකට පනින්න බලන් ඉන්න කෙනා පවුල්‍ ප්‍රශ්නවලට කොහොම මූන දෙන්නද"

බස් එක මැද්දෙ මේක අහපු කොල්ලට පොලව පලාගෙන යන්න හිතෙන්න ඇති නේ.... සර් අපට මේක කිව්වෙ වෙන කෙල්ලෙක්ටත් මේ වගේ දෙයක් වුනොත් මේ ප්‍රශ්නෙ අහන්න කියල... කොහොමද ටිකිරි මොලේ...

prasanna86k said...

මුලින් කියපං උම මාතරය? උඹලෑ සීයා මාර පොරක්නේ බං. මාත් අද හවහට ගිහිං ඔය සීන් එක කරලා බලන්න ඕනේ.

ලකියා said...

@ මධුශාන් - නෑ නෑ බොල​.කෝච්චි වැහි වැහැලා ඒ කාලේ.දං වගේ නෙවෙයි.

ලකියා said...

@ ඕල් ඉන් වන් - ඔව් ඔව් ඒක අැත්ත​.

ලකියා said...

@ රොබින් - තැන්කුයි වේවා........

ලකියා said...

@ කිඩෝ - මොලේ නං එල ය​.ඒ උනාට ඒක මහ බලු වැඩක් නේ?

ලකියා said...

@ ප්‍රසන්න​86ක් - මම කැන්ඩි කොල්ලෙක්.නැතුව නැතුව අපේ සීයා ලොවෙත් නැති ඩයල් එකක්.හික්z.හා හා කරලා බලන්න​.

කුක්කු පැටියා said...

අඩෝ උඹේ සීයා නම් එලම එල කොල්ලෙක් නෙ බන්........ කොහොම හරි වැඩේ ගොඩ දාගත්ත නේ......... සීයා වැඩේ කරගත්තෙ නැත්තන් උඹ ලොවෙත් නෑ !!

ලකියා said...

අඩෝ ඔව් බං..සීයට පිං දෙන්න ඕනේ.එදා බැරි වෙලාවත් අපෙ ආච්චි කැමති උනේ නැති උනානං අද උඹලට එලකිරි ලකියෙක් නෑ නෙ බං.................

ලකී said...

අඩේ... තව ලකියෙක්... එල කතාව මලයා.

හරී said...

ඒ කාලෙ කෝච්චි තිබ්බද යකෝ?

පල යන්න බොරු නොකියා...

අනික ඒ කාලෙ හද්දා පිටිසර පාසලක කෙල්ලෙක් උසස්පෙළ කරා කියන එකත් පුදුමයක්......

හරිය....

ලකියා said...

අනේ කොල්ලො උඹ ලංකාවේ ඉතිහාසය ගැන දන්නැද්ද​?

අෑ බොල පර සුද්දො අපිට කෝච්චි දුන්නෙ කොයි කාලෙද කියල දන්නැද්ද තෝ?

යකෝ උඹ ලංකාවෙ එකෙක්ද​?

කෝච්චි තිබ්බෙ නැත්තං යකෝ අපේ සීයා මෙහෙම කියයිද අැ මයිනො?

නැටි පිටින් අලි මැරෙන කාලෙ හද්දා පිටිසර පාසලක කෙල්ලෙක් උසස්පෙළ කරා කියන එකත් පුදුමයක් ද​?

මෙන්න මෙව්වට උත්තර දීල හිටපංකෝ ඉස්සෙල්ලාම​............

ලකියා said...

@ අනිත් ලකී - හී.......... තැන්කුයි වේවා ආ....................

Anonymous said...

http://www.cinelanka.net/2011/12/sorcerers-apprentice.html

Post a Comment

Comment එකක් දාමු..........